Tuesday, June 9, 2026

අවසානය ඇරඹේ

   වෘත්තාන්ත යාවත්කාලීන නොවන ගැටළුකට මුහුණ දී සිටියි. එය පරීක්ෂාවට ලක්කිරීම සඳහා පළකෙරෙන ඡේදයකි. අගක් මුලක් නැත.

බදාදා බව ඔබ හොඳින්ම දන්නා දිනයක් ඉරිදා දිනයක් මෙන් දැනෙන විට කොහේදෝ තැනක බරපතල වැරැද්දක් සිදුව තිබිය යුතු ය.

මට මේ බව දැනුනේ අවදි වූ මොහොතේ පටන්ම ය. එහෙත් නිදිමත ගතිය නැති වී ඉන්ද්‍රියයන් වඩා හොඳින් ක්‍රියාත්මක ‍වෙද්දී මට මා ගැනම ඇති වූයේ සැකයකි. ඇත්තටම සිදුවිය හැක්කේ අනෙක් අයට වැරදීම නොව මට වැරදී තිබීමයි. ඒත් එසේ විය හැක්කේ කෙසේදැයි මටම සිතාගත නොහැකි ය. මේ සැකය සිතට වද දෙද්දීම මා බලා සිටින්නට වීමි. එහෙත් පළමුවරට නිශ්චිත සාක්කියක් ලැබිණි. ඈතින් ඔර‍ලෝසුවක් වෙලාව උදෑසන අට බව දැනුම් දෙනු ඇසිණ. සැකය පිරුන සිතින් මම වඩාත් හොඳින් සවන් යොමු කළෙමි. වැඩි වේලාවක් යන්නට පෙර තවත් ඔරලෝසුවක් වඩාත් හොඳින් ශබ්ද නගමින් වේලාව අට බවට තහවුරු කළේය. සියල්ල අවුල් වී ඇති බව එයින් මට වැටහිණ. 

1 comment:

  1. එහෙම අවුලක් පේන්න නෑ. මගේ බ්ලොග් රෝලට ආවා. "සිංහල වියුණු එකතුව" සින්ඩියේ උඩින්ම ඉන්නවා.

    ReplyDelete

අවසානය ඇරඹේ

   වෘත්තාන්ත යාවත්කාලීන නොවන ගැටළුකට මුහුණ දී සිටියි. එය පරීක්ෂාවට ලක්කිරීම සඳහා පළකෙරෙන ඡේදයකි. අගක් මුලක් නැත. බදාදා බව ඔබ හොඳින්ම දන්නා ද...