Ken Tsaro - Wiwa නයිජීරියානු ලේඛකයෙකි. ඔහු අයත් වූයේ එහි වූ ඔගොනි(Ogoni) නමින් හැඳින්වෙන සුළුතර ජන කොට්ඨාශයකට ය. ඔගොනි ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශය බොරතෙල් කැනීම සඳහා බහුජාතික සමාගම්වලට පැවරීම නිසා දැඩි ලෙස පාරිසරික ගැටළු මතුවී එම ප්‍රදේශයේ ජීවත් වූ ජනයාට තවදුරටත් තම වාසස්ථානවල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා විය. මෙයට පිළිතුරක් ලෙස පැනනැගි පරිසරය සුරැකීමේ ව්‍යාපාරයට ද ඔගොනි ජනයා රැක ගැනීමේ ව්‍යාපාරයට ද නායකත්වය සැපයූ Ken Tsaro - Wiwa එවකට පැවති හමුදා පාලනයට එරෙහිව කෙරුණු අවිහිංසාවාදී උද්ඝෝෂණවලට සිය සක්‍රිය දායකත්වය සැපයීය.
මෙම උද්ඝෝෂණ උච්ච අවස්ථාවට පත් වූ විට අත්අඩංගුවට පත් වූ ඔහු බොරු මිනීමැරුම් චෝදනාවකට හමුදා අධිකරණයක් විසින් වරදකරු කරන ලදුව 1995 වසරේදී එල්ලා මරාදමන ලදී. ඔබ කියවන මෙම නිර්මාණය Night Encounter නමින් ඔහු විසින් ලියන ලද කවියක පරිවර්තනයකි. එය තේමා කරගන්නේ හමුදා සේවයෙහි යෙදෙන භටයෙකි. හමුදා පාලනය යටතේ කවියාට අත්වූ ඉරණම හා ඔහු යුද සෙබලා දෙස කවිය තුළින් හෙලන දෘෂ්ටිය ශෝකී බව මුසු උත්ප්රාසයක් ජනිත කළ ද කවියා තුළ ජීවත් වූ මනුෂ්‍යත්වයට මෙම නිර්මාණයෙන් ආලෝකයක් ලැබෙයි.
අඳුරේ හමු වී. . .
නැග එද්දී පියගැට පෙළ
සිරි පොද වැස්සේ
එක් අඳුරු රාත්‍රියක
අඳුරත් සමග එක් වූ ඔහු
මට හමු විය.
බියපත්ව තිගැස්සී
නැවතුනෙමි මොහොතකට
ඔහු මෘදුව සිනාසින.
පහව ගොස් බිය, උදම් විය සිත.
තුවක්කුව අත වුව ද
ඔහු තවම මිනිසෙක්ම ය.
ඒ මෘදු සිනහවෙන්
දුරු විය අඳුර,
ඝන අන්ධකාර ඒ රැයේ.
මහා හඬ නග නගා
කඳුළු සැලුවා අහස
එහෙත් මට ඇසුනේ
මෘදු සිනහව පමණයි
මරණය හිසින් ගෙන
රාජකාරියෙ යෙදුන සොල්දාදුවාගේ.
* * *
වැදගත් සටහනක්....අවිහිංසාවාදය පදනම් කරගත්ත විරෝධතා මං හිතන්නේ මුලින්ම පටන් ගත්තේ මහත්මා ගාන්ධි..
ReplyDelete