Thursday, September 26, 2024

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්   

දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්

                                              තුන



ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාගය එළඹී තිබිණ. මොහොතකට ඇයට පෙනුනේ ඒ ස්ටීව් ලෙස ය. ඒත් සමගම ඔහු ගස් අතරින් නොපෙනී ගියේය. කඩිනමින් නැගී සිටි ඈ ජනෙල් පියන වසා දමා තුවක්කුව අතට ගෙන ලාම්පුව නිවා දමා බලා සිටියාය. තවමත් අඳුර වැටී නොතිබුණ බැවින් ඇයට ගෙයින් පිටත පැහැදිළිව දැකගත හැකි විය. 

වැල් පෙනෙළ මල!

ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...