Showing posts with label උභතෝකෝටිකය. Show all posts
Showing posts with label උභතෝකෝටිකය. Show all posts

Tuesday, May 26, 2026

ඉවත ලෑම


 නව විදුහල්පතිවරයා පැමිණ ඇති බවට වූ වැදගත් ප්‍රවෘත්තිය පාසැල පුරාම පැතිර ගියේය. ඇයට එය අසන්නට ලැබුනේ ගුරුවරියන් සඳහා වූ විවේක කාමරයේදී එදිනට නියමිත වූ පාඩම් දෙස අවසන් වතාවටත් බලමින් සිටි අවස්ථාවේදී ය. ඔහුට සුබපැතීම සඳහා අනෙකුත් ගුරුවරුන් හා එකතුවීමත් අතට අත දීමත් මගහැරිය හැකි දෙයක් නොවී ය. ඇගේ සිරුරම කිළිපොලා ගියේය. එහෙත් කළ හැකි දෙයක් නොවී ය.

Wednesday, July 3, 2024

සූරාකෑම කාටත් පොදුය.




අප රටෙහි පවත්නා වෙළඳ හා ව්‍යාපාර සදාචාරය කොතෙක් ද යත් සාමාන්‍ය මහජනතාව පුද්ගලික ව්‍යාපාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේදී  සැකයෙන් බැලීමට හුරු වී සිටින අතර රාජ්‍ය ආයතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළඹෙති. එහෙත් දැන් දැන් රාජ්‍ය ආයතන ද නිර්ලජ්ජිත ලෙස තම සේවා ලාභීන් සූරාගෙන කෑමට පසුබට නොවන බව පෙනෙන්නට තිබේ.

Thursday, May 30, 2024

පෙර දඬුවම හා පසු දඬුවම

 

(cartoon movement වෙතින්)

නීතියේ සෙවනැල්ල යට සාධාරණත්වයේ වර්ණ
 ගල්වා පවත්වාගෙන යනු ලබන කෘෘරත්වය තරම්
 කෘෘරත්වයක් තවත් නොපවතී. - මොන්ටෙස්ක්‍යු

 ලෝකයේ සෑම රටකම එම රට පාලනය කරන ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් වෙයි. එසේ අවශ්‍ය වන්නේ එම රටෙහි ජීවත්වන සියළුම පුරවැසියන්ට කිසිම වෙනසකින් තොරව සාධාරණව සැළකුම් ලැබීමේ අයිතිය තහවුරු කිරීමට යයි සරලව කිව හැකි ය. විශේෂයෙන් මිිනිසා බිහි වී ගෝත්‍ර ලෙස ජීවත් වූ කාලයේ පටන්ම ඔවුනොවුන් අතර ඇති වූ ගැටුම් සමනය කරගැනීමට හා නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහ. බොහෝ විට එය ගෝත්‍ර නායකයාගේ හෝ ගෝත්‍රය විසින් පත්කරගන්නා ලද මණ්ඩලයක තීරණය විය හැකිය. මෙසේ ඇරඹුන නීතියෙහි පාලනය අද වනවිට ඉතා දියුණු මට්ටමකට පත්වී ඇත. එසේ මිනිසාගේ පරිනාමයත් සමගම ඔහු පාලනය කෙරෙන නීති පද්ධතිය ද සංවර්ධනය නොවුනේ නම් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් නොමැති තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබිණ. එසේ වුවද එක් එක් රටෙහි නීතිය එම රටෙහි පාලකයින්ගේ හා ජනතාවගේ ආකල්පවලට හා බුද්ධි මට්ටමට සාපේක්ෂව ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙන්නුම් කරන බව ද නිරීක්ෂණය කළ හැකි ය. 

Saturday, March 2, 2024

ගිය පණවත් ඇදල ගන්න....

     

(cartoon movement වෙතින්)


    ලිට්සීකර් ගුරු වෘත්තියේ නියැලුන මුල් අවදියේ සේවය කළ එක්තරා පාසැලක ගුරු මණ්ඩලය මාස ගණනාවක් යනතුරු සිතා සිටියේ මා කතෝලික භක්තිකයෙකු ලෙසය. එයට හේතු දෙකක් විය. එකක් නම් ඒ දිනවල ලිට්සීකර් පදිංචිව සිටියේ මීගමුවේ නිසාය. අනෙක් කරුණ නම් කිසි දිනක ලිට්සීකර් පන්සිල් නොගැනීම ය.

Tuesday, December 26, 2023

නොදන්නා බව නොදන්නා විට...



 මේ බ්ලොග් අඩවියේ ආරම්භක පෝස්ට්එක (නැවත බලන්න) නිසා අපූරු අත්දැකීමකට මුහුණ දීමේ (අ)භාග්‍යය මෙය ලියන බ්ලොග්කරුවා වෙත හිමිවිය. සුපුරුදු පරිදි බ්ලොග් සටහන මාගේ Facebook එක මත ද ඇලවූයෙමි. මද වේලාවක් ගත වූ තැන ඉහත දැක්වෙන අවවාදාත්මක අනතුරු ඇඟවීම මා හට ලැබී තිබූ අතර අදාල බ්ලොග් සටහන ද ඉවත්කර තිබුණි.

වැල් පෙනෙළ මල!

ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...