Thursday, May 30, 2024

පෙර දඬුවම හා පසු දඬුවම

 

(cartoon movement වෙතින්)

නීතියේ සෙවනැල්ල යට සාධාරණත්වයේ වර්ණ
 ගල්වා පවත්වාගෙන යනු ලබන කෘෘරත්වය තරම්
 කෘෘරත්වයක් තවත් නොපවතී. - මොන්ටෙස්ක්‍යු

 ලෝකයේ සෑම රටකම එම රට පාලනය කරන ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් වෙයි. එසේ අවශ්‍ය වන්නේ එම රටෙහි ජීවත්වන සියළුම පුරවැසියන්ට කිසිම වෙනසකින් තොරව සාධාරණව සැළකුම් ලැබීමේ අයිතිය තහවුරු කිරීමට යයි සරලව කිව හැකි ය. විශේෂයෙන් මිිනිසා බිහි වී ගෝත්‍ර ලෙස ජීවත් වූ කාලයේ පටන්ම ඔවුනොවුන් අතර ඇති වූ ගැටුම් සමනය කරගැනීමට හා නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහ. බොහෝ විට එය ගෝත්‍ර නායකයාගේ හෝ ගෝත්‍රය විසින් පත්කරගන්නා ලද මණ්ඩලයක තීරණය විය හැකිය. මෙසේ ඇරඹුන නීතියෙහි පාලනය අද වනවිට ඉතා දියුණු මට්ටමකට පත්වී ඇත. එසේ මිනිසාගේ පරිනාමයත් සමගම ඔහු පාලනය කෙරෙන නීති පද්ධතිය ද සංවර්ධනය නොවුනේ නම් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් නොමැති තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබිණ. එසේ වුවද එක් එක් රටෙහි නීතිය එම රටෙහි පාලකයින්ගේ හා ජනතාවගේ ආකල්පවලට හා බුද්ධි මට්ටමට සාපේක්ෂව ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙන්නුම් කරන බව ද නිරීක්ෂණය කළ හැකි ය. 

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්     ‍ දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්                                               තුන ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාග...