අප රටෙහි පවත්නා වෙළඳ හා ව්‍යාපාර සදාචාරය කොතෙක් ද යත් සාමාන්‍ය මහජනතාව පුද්ගලික ව්‍යාපාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේදී සැකයෙන් බැලීමට හුරු වී සිටින අතර රාජ්‍ය ආයතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළඹෙති. එහෙත් දැන් දැන් රාජ්‍ය ආයතන ද නිර්ලජ්ජිත ලෙස තම සේවා ලාභීන් සූරාගෙන කෑමට පසුබට නොවන බව පෙනෙන්නට තිබේ. මේ සටහන් කරන්නේ පසුගිය දිනෙක මා ලැබූ අත්දැකීමකි. යම් රාජකාරි කටයුත්තකි සඳහා මා පෙර සේවය කළ ආයතනය වෙත යාමට සිදුවිය. එහිදී අවශ්‍ය වූ තොරතුරක් සොයාගැනීම සඳහා අන්තර්ජාලය පරිහරණය කිරීමේ අවශ්‍යතාව මතුවිය. එම ආයතනයෙහි පහළ මහලෙහි ඒ සඳහා ස්ථාපිත කරක ලද යන්ත්‍රයක් තිබූ බැවින් ඒ වෙත ගොස් රු. 100 ගෙවා එයින් මොබිටෙල් රු. 59 පැකේජය සක්‍රිය කළෙමි. එවිට රු. 41ක ශේෂයක් ඉතිරි විය යුතුය. එහෙති ටික වේලාවක් ගතවෙද්දී ආ SMS පණිවුඩයකින් කියවුනේ මාගේ ශේෂය 0 බවයි. වැඩි දුරටත් ඒ පිළිබඳව සෑහෙන වේලාවක් ගෙන සොයා බැලීමේදී පෙනුනේ You tube Combo නම් එක්දින පැකේජයක් මාගේ ඉල්ලීමකින් හෝ දැනුවත් කිරීමකින් තොරව සක්‍රිය කර ඇති බවයි. ඒ දැනගත්තේ ද දුරකතනය වෙත ආ SMS පණිවුඩයකිනි. මොබිටෙල් වැනි ආයතන ලාභ ලබන්නේ මෙවැනි නින්දිත ක්‍රියා වල නිරතවීමෙන් යයි උපකල්පනය කිරීම වැරදි නොවේ. ඔවුන් සමග කරන ගනුදෙනු වලදී කොයි කවුරුත් ප්‍රවේශම් වීම ඇඟට ගුන ය.
Subscribe to:
Post Comments (Atom)
බළලා ගෙට රිංගූ හැටි!
අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින් ජීවත් වුවද බොහෝ ඈත අතීතය...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බ...
-
බලාපොරොත්තු රහිත ලෙස හදිසියේ සිදුවන කම්පනයකින් තමන්ගේ මතකය නැතිව යාම හා ඒ නිසා මතුවන ගැටළු තුළින් කතාව විකාශනය කිරීම නිර්මාණකරුවන් අතර ජනප...

ඉල්ලන්කාවේ මේ සේවාවන් නම් අන්තිමයි. ඩයලොග් එකෙනුත් අන්ත විධිහට සලකන්නේ
ReplyDeleteමමත් මොබිටෙල් තමයි පාවිච්චි කරන්නේ. ඒත් දැන් සිද්ධ වෙන දේවල් එක්ක බලද්දි ඉස්සර ඒ ගැන තිබුණු ගෞරවය දැන් නෑ.
ReplyDelete