Sunday, July 7, 2024

ගෙදර

 

සෝමාලි සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු වන Warsan Shire ගේ Home නමින් යුත් කවි පංතියේ ඡායානුවාදයකි. 
 
                                  
 
            
                   (අන්තර්ජාල පුවත් සේවා වෙතින්)

 
කිසිවෙකු ගෙදර අතහැර යන්නෙ නෑ, නොවේනම්,
ගෙදර මෝරෙකුගේ කටක්. 

ඔබ දුවන්නේ දේශසීමාවට
දැක්කොත් පමණයි
මුළු නගරයමත් දුවන බව. 

අසල්වැසියන් ඔබේ දුවනවා 
ඔබටත් වඩා වේගයෙන්, කොලු ගැටයා
පාසැල් ගිය ඔබත් එක්ක, බයෙන් වගේ 
ඔබ සිපගත් ටින් කම්හල පිටුපස සිට,
 අතට අරන් ඔහුටත් වඩා උස තුවක්කුවක්.
ඔබ යන්නේ ගෙදර අතැර 
නවතින්න දෙන්නැත්තං විතරයි ගෙදර ඔබට.

කිසිවකු යන්නෑ ගෙදර අතැර 
එලෙව්වේ නැතිනම්  ගෙදර ඔබ 
මවමින්  පා යට ගිනි අඟුරු, 
කුස තුළ උණු ලේ.

කවමදාවත්ම ඔබ කරන්නට  හිතුව දෙයක් නෙවෙයි,
ඒත් ඉතින් කරන්නට උනහම,
ජාතික ගීය උගුරෙ හිරකරන්, 
ගුවන් තොටුපළේ වැසිකිළියට ගිහින්
පාස්පෝට් එක කෑලි කෑලි වලට ඉරා ගිල දැම්මේ,
ගිලුන හැම කෑල්ලක්ම 
ඔබ ආපහු යන්නේ නෑ කියලා කියනකං. 

වැටහෙන්න ඕනෑ ඔබට
කවුරුවත් ළමයි බෝට්ටුවකට පටවන්නෑ
ගොඩබිමට වැඩිය වතුර සුරක්ෂිත නැත්නම්.

කවුද කැමති වෙන්නේ දවල් රෑ නැතිව 
ගුලිවෙලා ඉන්න ලොරියක් තුළ
ගමනට වැඩිය වටින්නෙ නැත්නම්
ගෙවා දැමූ සැතපුම් ගණන. 

කැමතිවෙයිද කවුරුවත් වැටවල් යටින් බඩගාන්න,
හෙවනැල්ලත් පැනල දුවන තරමට පහර කන්නට,
දූෂණය වන්නට, වතුරේ ගිල්වා දැ‍මෙන්නට, හම කලු නිසා 
බෝට්ටුවේ පතුලේම රැඳෙන්නට,  විකිනෙන්නට, හාමතේ  සිටින්නට,
දේශසීමා මායිමෙිදී ලෙඩ සතෙක් මෙන් වෙඩි පහර කන්නට, 
කම්පිත බැලුම් ලබන්නට, නම අහිමි වන්නට, පවුල අහිමි වන්නට,
 අවුරුද්දකට, දෙකකට, දහයකට සරණාගත කඳවුරක් නිවස කරගන්නට,
ඇඳුම් ගලවා සෝදිසි කරන්නට, යන යන තැන සිරගෙවල ලගින්නට,
 බේරුනත් මේ හැම දෙයකින්ම ඔබට ලැබෙන පිළිගැනීම නම්, 
පලයව් ආපහු කල්ලෝ, අනාථයෝ, 
කැත සැරිසරන්නෝ, රැකවරණ සොයන්නෝ
අප රටේ සාරය උරාබොන
දෑත පාමින් සැමට
ගඳ ගහන ම්ලේච්ඡයෝ 
බලන්න උන් උන්ගෙම රටට කරගෙන තිබෙන දේ
නොකරයිද අප රටටත් එයම? 
වීදියේදී එල්ල වන පිළිකුල් කරන බැල්ම
මෘදුයි, සුමුදුයි ඉරා දමනු ලබන අතකට පයකට වැඩිය
හැමදාමත් විඳින්න වෙන අවමානය
සියුමැලියි දෙකකුල් මැදට එන 
තාත්තගෙ වයසෙ ඉන්න 
මිනිසුන් දාහතරකට වැඩිය 
ගැරහුම් විඳින එක ලේසියි 
ගිලිනවට වැඩිය රළු ගල්කැට,
කැබලි වී ගිය ඔබේ දරුවගෙ සිරුරට වැඩිය
අමතක කරන්න ආඩම්බරකම, මේ මොහොතේ 
ඕනෑකම නොනැසී ඉන්න එකයි කොහොම හරි. 
 
මට ඕනෑ ගෙදර යන්න, ඒත් ගෙදර කියන්නෙ 
මෝරෙකුගේ කටක් තුවක්කුවක බටයක්
කිසිවෙක් ගෙදර අතහැර යන්නෙ නෑ
ගෙදර ඔබ වෙරළ ඉම දක්වාම එලෙව්වෙ නැතිනම්
කිව්වෙ නැත්නම් ගෙදර ඔබට අතැර යන්නට 
මිනිස් ජීවිතයක් උනත්, කරන්නට දෙයක් නැත්නම්
 
අතහැර යන්නෙ නෑ ගෙදර අමිහිරි හඬක් නොවේනම් එය
පිටවන්න, දුවලා යන්න මා දන්නෙ නෑ
මට මොකද වෙලා තියෙන්නේ යනුවෙන් 
කොඳුරන කනට.
 
 
 

7 comments:

  1. ආයුබෝවන් . අදනෙ දැක්කෙ මේ පැත්ත.
    දිගටම එන්නම්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුග්‍රහයට.

      Delete
  2. සෝමාලි කොල්ලකාරයෝ එක අතකට රොබින් හුඩ්ල වගේ තමයි
    ඇමරිකාව සෝමාලියාව මැස්සො බොනව වගේ උරා බිල තියෙන්නෙ

    පුලුවන් නම් Blood diamond සිනමා පටිය හොයාගෙන බලන්න

    ReplyDelete
    Replies
    1. ඇස නොගැටුන සිනමා පටයක්. හොයලා බලන්නම්.

      Delete
  3. කවිය අගෙයි, පද එහෙ මෙහෙ කරලා අපේ කතා විලාසයට තේරුම් ගන්න වඩාත් පහසු ලෙසට සැකසුවා නම් තවත් අගෙයි.

    ReplyDelete
  4. //කවමදාවත්ම ඔබ කරන්නට හිතුව දෙයක් නෙවෙයි,
    ඒත් ඉතින් කරන්නට උනහම,
    ජාතික ගීය උගුරෙ හිරකරන්,
    ගුවන් තොටුපළේ වැසිකිළියට ගිහින්
    පාස්පෝට් එක කෑලි කෑලි වලට ඉරා ගිල දැම්මේ,
    ගිලුන හැම කෑල්ලක්ම
    ඔබ ආපහු යන්නේ නෑ කියලා කියනකං. //මේක තමයි ඇත්ත . ලිබියාවට ගැහුවට පස්සේ දැන් එතන තමා රිෆියුජි දම්වැල් වල දාල තියන් ඉන්නේ .
    අපේ රටවල දක්ෂිණාංශික සුද්දෝ ගහන්නේ මේ සෝමාලි සහ සිරියන් අයව ගෙනත් හොලිඩේ ඉන් වගේ හෝටල් වල දාන නිසා . මොකද උනුත් දුප්පත් එක්තරා ප්‍රමාණයට . තමන්ගේ රටේ විදේශ ප්‍රතිපත්තිය නිසා වෙන දේවල් කියල හිතන්නේ නැහැ උන් . දෙපැත්තම පව්

    ReplyDelete

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්     ‍ දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්                                               තුන ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාග...