එක්තරා රටක රාජ භාණ්ඩාගාරයට කඩාවැදුන හොරෙක් ඔහුට ගෙනයාමට හැකි හැමදේම රැගෙන ඈත පලාතකට පලාගියා. වැඩි කලක් යන්නට පෙරම භාණ්ඩාගාරයේ හොරකමක් සිදුව ඇති බව හෙළිඋනා.
"හොඳයි ඔබ කියන්නේ ඇත්ත නම් එම ඇඳුම් ඔබ ඇඟලාගෙන පෙන්වන්න." රජතුමා කිව්වා. එම වටිනා ඇඳුම් ඇත්තටම හොරාට අයිතිව නොතිබූ බැවින් ඔහු දැනගෙන හිටියේ නෑ කොහොමද ඒවා අඳින්නේ කියලා. පළමුව ඔහු ඇඳුමේ අත් දැමිය යුතු තැනින් කකුල් දමා කකුල් වටේ ඔතාගෙන බැලුවා. ඊලඟට ඉන පටිය ඔලුවේ ඔතාගෙන බැලුවා. රජතුමා ටික වේලාවක් සොරාගේ විකාර වැඩ දෙස පරීක්ෂාකාරීව බලා සිට රාජසභාවේ නිලධාරීන් රැස්කර ඔවුන් සමග සාකච්ඡා කළා. ඉන්පසුව හොරා දෙසට හැරී ඔහු අමතා මෙසේ කිව්වා.
"ඔබට මේ ඇඳුම් උරුම උනේ ඔබේ සීයාගෙන් නම් ඔබ ඒවා අඳින සැටි දැනසිටිය යුතුව තිබුණා. නුඹ මොනතරම් විකාරයක්ද කළේ උඩ යට මාරුකරලා අඳින්න ගිහිල්ලා. නුඹ ඒවා අඳින්න දන්නෙ නැති නිසා අපි දන්නවා එම ඇඳුම් නුඹට අයිති ඒවා නොවෙයි කියලා. එම නිසා නුඹ සොරකමට වැරදිකරුවා ලෙස මම තීන්දු කරනවා."
මොහොතකට සිතන්න මේ රජතුමාගෙන් බුදුහාමුදුරුවන් ද භාණ්ඩාගාරයෙන් එතුමන් දෙසූ පරම සත්‍යය ඇතුළත් ධර්මය ද අනුවණ සොරාගෙන් ඉන් බැහැර වූ පුද්ගලයෙක් ද සංකේතවත් වෙනවා කියලා. යම් පුද්ගලයෙකු බුද්ධ ධර්මයට රහසින් සවන් දී එය ඔහුගේ ඉගැන්වීම්වලට සංයුක්ත කොට එහි දර්ශනය හා හරය ඔහුගේ යයි පෙන්වන්නට තැත් දරයි නම් ඔහු එම ධර්මයේ මූලය හෝ සියුම් අරුත අවබෝධ කරගෙන නැත. අවසානයේ ඔහු එය ඉදිරිපත් කරන්නේ වරදවා වටහාගැනීමට හා ව්‍යාකූලතාවකට මග පෑදෙන පරිදි ය. මේ පුද්ගලයා ද රාජකීය ඇඳුම් සොරාගෙන ඒවා ඇඳගන්නා ආකාරය නොදැන උඩයට මාරුකොට පැළඳගත් සොරා වැනි ය. ඔවුන්ගෙන් ප්‍රවේශම් වියයුතු ය. ඔවුන් ඔබ නොමග යවනු ඇත.
Kazuaki Tanahashi විසින් රචිත A Flock of Fools: Ancient Buddhist Tales of Wisdom and Laughter from The One Hundred Parable Sutra නම් කෘතිය ඇසුරෙනි.
ජෙරෙමි ගැනද කිව්වේ
ReplyDeleteඑයාටත් ගැලපෙනවා නේද? වැඩිපුර ඉන්නෙම මේ වගේ අය තමයි.
Deleteරජාගෙන් හරි රාජයෙන් හරි - කොල්ල කෑවත් හොරුන් දැන්
ReplyDeleteඅල්ලනව බොරු , පෙනෙනවානේ - ඉන්න හැටි යහතින් ඔවුන්