Saturday, December 13, 2025

ශුද්ධ වූ නගරය

 අශ්ව කරත්තය ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වූ යුගයේ අමෙරිකාවේ පාරක් දිගේ ඇදෙන අශ්ව කරත්තයකි. එහි මගීන් හතරදෙනෙක් සිටිති. එක්වරම අශ්ව කරත්තය නවත්වන රථාචාර්යයා රථය තුළ සිටින මගීන්ට අනතුරු අඟවයි.

"මහත්වරුනි, තව ටිකක් ඉස්සරහට ගියාම නගරයක් තියනවා. ඒත් අපි අශ්ව කරත්තය එතැන නවත්වන්නෙ නෑ. ඇත්තම කියනව නම් කිසිම රථයක් එතැන නවත්වන්නෙ නෑ. හෝලි රූඩ් නගරය හරහා අපි හැකි උපරිම වේගයෙන් යනවා. හයියෙන් අල්ලගෙන යාඥා කරන්න දන්නවනම් යාඥා කරන්න."

සිහිනයක් විකිණීමට තිබේ

  පරිච්ඡේදය 1 - නගරය මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු ...