අශ්ව කරත්තය ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වූ යුගයේ අමෙරිකාවේ පාරක් දිගේ ඇදෙන අශ්ව කරත්තයකි. එහි මගීන් හතරදෙනෙක් සිටිති. එක්වරම අශ්ව කරත්තය නවත්වන රථාචාර්යයා රථය තුළ සිටින මගීන්ට අනතුරු අඟවයි.
හිස් ආවරණයේ සෙවනැල්ලට මුවා වූ ඔහුගේ දෑස් දිදුලන්නට විය. "දෙවියන්වහන්සේ මට කියා සිටියා ඒ් වාගේ වීරයන් රත්රන් දීමට පොරොන්දු වීමෙන් හෝලි රූඩ් වෙත පැමිණීමට පොළඹවාගත යුතු බවත් ඔවුන් අපගේ ජීවන රටාවට හුරුකළ යුතු බවත්. ඉක්මනින්ම ඔවුන් සත්‍යය වටහාගෙන අපගේ අනෙක් සහෝදරතුමන්ලා කරන්නාක් මෙන්ම සත්‍යය හා සාධාරණත්වය වෙනුවෙන් සටන් කරයි."
"සහෝදරතුමනි, මගේ සාක්කුවේ තිබෙන්නේ සත කිහිපයක් පමණයි. අපගේ ශුද්ධ වූ කාර්යය වෙනුවෙන් මා කැමැත්තෙන්ම එය පරිත්‍යාග කරනවා." ෂැනන් පැවසීය.
"පරිත්‍යාග කරන්නන්ට ආශිර්වාද වේවා! උසායා සහෝදරතුමනි, ඔබට ආශිර්වාද ලැබේවා!" එක් ගැහැණියක් කියා සිටියාය.
හිස්වැසුම පසුපසට තල්ලුකළ කොබ්ගේ අනුකම්පා විරහිත, සැහැසි දෑස් දීප්තියෙන් බැබලුනේය. "එසේ නම් ඔබ සූදානම් ධර්මය වෙනුවෙන් යුද වදින්නන් සඳහා මුදල් වැය කරන්නට, එහෙම නේද?" ඔහු විමසා සිටියේය.
"අපට නියෝග කරන්න." ගැහැණියක් නපුරු හඬකින් කෑගැසුවාය.
"ඒත් බැංකුව නම් කඩන්න එපා, සහෝදරතුමනි."
මෙසේ කීවේ නගරයේ විශාලම සාප්පුවේ හිමිකරු වූ සුදු පැහැ ගැන්වුන හිසකෙසින් යුත් ටෙම්පල් කාර්ස්ටෙයර්ස් ය. යූනියන් පාබල හමුදාවේ මේජර්වරයෙකු ලෙස ඔහු ගෙටිස්බර්ග් හී දක්ෂ ලෙස සටන්කර තිබූ අතර දැඩි අදහස් ඇත්තෙකු විය.
එහෙත් පැරණි යුදභටයාගේ විරෝධය නොසලකා හැරි කොබ්, "මේ වෙලාවේ මෙතැනට රැස්වෙලා ඉන්න හැමෝගෙන්ම අහන්නේ, ඔබට අවශ්‍ය හොඳම දේ ද? නපුරෙන් හා ඔබටත් ඔබේ සමීපතමයන්ටත් අනතුරක් කරන මිනිසුන්ගෙන් නිදහස්ව ජීවත්වීමට ඔබට අවශ්‍ය ද?" යයි විමසීය.
"ඔව්, හොඳම දේ. අප ආරක්ෂා කරදෙන්න, සහෝදරතුමනි." තවත් මිනිසෙක් පැවසීය.
"එසේ නම් මම ඔබට ශූරයින් සොයාදෙන්නම්. හැබැයි දැනගන්න, එවැනි මිනිසුන් ලාබෙට ගන්න බෑ."
කොබ් බලාපොරොත්තු වූ පරිදි අනුමැතිය ලැබෙන ගර්ජනය ඇසුනේ නැත. නමුත් ෂැනන් යළිත් ඉදිරියට පැමිණ ඊට මැදිහත් විය.
"අවනීතියේ මුහුද මැද හෝලි රූඩ් නගරය සාමයේ දූපතක් බවට පත්කිරීමට අප වියදම් කිරීමට සූදානම්." ඔහු කියා සිටියේය. "අප ගෙවිය යුතු මිල කියන්න, මතායස් සහෝදරතුමනි."
"එසේ නම් අසන්න. දෙවියන්වහන්සේ මට මෙසේ පවසන ලදී. නගරයේ සිටින සෑම පුරුෂයෙකුගෙන්ම නුඹ එකතු කරගත යුතුයි ඔරලෝසු, බොත්තම්, මුදු වැනි රත්ත්‍රන් වලින් සෑදූ සෑම දෙයක්ම."
තිගැස්මෙන් නිශ්චලත්වයට පත්ව සිටි සමූහයාට ඔහු තවදුරටත් කතා කළේය. "සෑම ගැහැනියකගෙන්ම සෑම වර්ගයකම ස්වර්ණාභරණ. මාගේ අනතුරු ඇඟවීමට හොඳින් සවන් දීපල්ලා. මේ අරමුදල එකතුකරගත්තාට පසුව කිසිම ගැහැනියක් රත්ත්රන්වලින් තැනූ මුදු, වලලු හෝ මාල නොපැළඳීය යුතුයි. එසේ කළහොත් ඒවා උණු වී වැගිරී නරකාදියේ ගින්දර මෙන් ඇය දවාලනු ඇති."
නිහඬතාව තවදුරටත් පැවතුනේය, නිහඬතාව පැවති කාලය දිග්ගැසුනේය. අවසානයේ වීදුරු ජනේලයකට ගැසූ ගලක් මෙන් කාර්ස්ටෙයාර්ස්ගේ හඬ නිහඬතාව බිඳදැමීය.
"ඒක නම් හොඳටම වැඩියි, මතායස් සහෝදරතුමනි. එවැනි පරිත්‍යාගයක් කරන ලෙස මේ මිනිසුන්ගෙන් ඔබ ඉල්ලා සිටීම වැරදියි. මම කියන්නේ අපි ආයුධ අරගෙන පොලිස් බලකායක් හදමු. අවශ්‍ය නමි හමුදාවක් උනත්."
ඒ අවස්ථාවේ ටෙම්පල් කාර්ස්ටෙයර්ස් නොදැන සිටි, එහෙත් කොබ් දැන සිටි කරුණක් විය. එනම් ඔහුගේ ප්‍රකාශයෙන් පසු රැස්ව සිටි සමූහයා අතරින් ඇසුනු එකඟවීමේ මුණු මුණුව ඔහු වෙනුවෙන් ලියූ මරණ වරෙන්තුවක් වීමට ඉඩ තිබූ බවයි.
"ඒ වගේ පරිත්‍යාගයක් මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ නෑ." කොබ් කෑගසා පැවසීය. "දෙවියන්වහන්සේ යි ඉල්ලාසිටින්නේ."
"ඒ වාගේ බද්දකින් මම නැත්තටම නැති වෙනවා. මම හුඟක් මහන්සි වෙලයි මේ දේවල් හම්බකරගත්තේ." .තවත් මිනිසෙක් පැවසීය.
"ඔබ අපේ මගුල් මුදුත් ඉල්ලන්නෙ නෑනේ?" එක් ගැහැනියක් විමසීය.
"මට ඒවා අවශ්‍ය නෑ. ඒත් දෙවියන්වහන්සේට අවශ්‍ය වෙලා තියනවා." කොබ් කීය. නැවතත් කතාකිරීමට ඇරෙන මිනිසුන්ගේ කටවල් දුටු කොබ් යළිත් හඬ නගා කතාකළේය. "මිනිසුනි, ඔබ ඔබටම සවන්දෙන්න. දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් හෝලි රූඩ් මිහිපිට පාරාදීසයක්! බටහිර පෙදෙසේ අනෙකුත් නගර විනාශය කරා ගෙනගිය අපරාධවලිනුත්, සාහසික ක්‍රියාවලිනුත් එය නිදහස් වෙලා තියනවා. මේ නගරයට ඇතුල්වන්නට අවසර තියෙන්නේ මිලදී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට එන අවංක මිනිසුන්ට පමණයි."
* * * *
"උසායා සහෝදරතුමනි, කුමක්ද ඔබ මේ කරන්නේ?" විමතියට පත්වූ බවක් අඟවමින් කොබ් විමසූයේ ඔහුගේ කොටස උපරිමයෙන් ඉටුකරමිනි. ඔහුගේ දකුණතෙහි පපුවට තදකර අල්ලාගත් බයිබලයක් විය. කියවමින් සිටි තැන ලකුණුකරන්නට මෙන් ඔහු දබරැඟිල්ල පිටු අතර රුවාගෙන සිටියේය.
අපූරු ඉදිරිපත්කිරීමක්. සිතූ ෂැනන් නාදකරමින් සිටි සීනුවේ ලනුව අතහැරියේය. සීනු නාදය සෙමින් අඩුවෙමින් ගොස් නිහඬ විය.
"කාර්ස්ටෙයර්ස් සොහොයුරා මියගිහින්." ෂැනන් කීය.
"මොනවා? . . . මොකද? . . . කොහොමද?" කොබ්ගේ මුවින් පිටවිය.
"මට හම්බඋනා ගේ පිටිපස්සේ වැටිලා ඉඳලා. සම්පූර්ණයෙන්ම පිච්චිලා, හරියට අකුණක් වැදුනා වාගේ."
"අකුණු ගැහුවෙ නෑනෙ. අහසත් පැහැදිළියි. තරු පිරිලා තියනවා." එක් පුරවැසියෙක් පැවසීය.
"ඔව්, දේවාශිර්වාදයෙන් පැහැදිළියි. ඒත් මේ රාත්‍රියේ නපුරින් අහස අඳුරු වෙලා." පැවසූ කොබ් හිස් බැල්මක් ෂැනන් වෙත හෙලීය. "ඉක්මන් කරන්න උසායා සහෝදරතුමා. ඒ යහපත් සොයුරාගේ සිරුර තිබෙන තැනට අප කැටුව යන්න. ඔබගේ පිස්තෝලය සූදානම්ව තබාගන්න."
* * * *
"මායාකාරියගේ නපුර මන්ත්‍ර බලයෙන් බොහෝ මිනිසුන් මියගිහින් තියනවා." කොබ් හඬ උස්කොට නාට්‍යානුසාරී ලෙස පැවසීය. "ඇය තමයි තමන් ආ අශ්ව කරත්තයට ශාප කරලා ඒක පෙරලෙන්න සැලැස්සුවේ. ඇය තමයි මේ නගරය ඇයගේ බලයෙන් ගලවාගන්න නිර්භීත ලෙස සටන් කළ සහෝදරතුමන්ලා විනාශ කළේ. ඇය තමයි නරකාදියේ සිට අකුණු සැරයක් එවා අප පාමුල වැතිර සිටින මේ ගෞරවනීය මිනිසා මරාදැමුවේ."
කොබ්ගේ දෙඅත් සමගම හඬ ද ඉහල නැගුනේය.
"ඔව්, ඇය තමයි මියගියත් මිහිමත ඇවිදින ජැස්පර් වුල්ෆෙන් සමග අඳුරට පලාගියේ."
"දෙවියන්ගේ නාමයෙන්, ඒක තමයි සත්‍යය. ඇය අප සියල්ලන්ම මරා දමාවි." ෂැනන්ගේ මුවින් පිටවිය.
ගැහැනියක් භීතියෙන් විලාපදෙමින් අහසට ඇඟිල්ල දිගුකලාය.
"මට ඇය පෙනුනා. මම මායාකාරිය දැක්කා."
රාත්‍රියේ සළුව පිහිතුඩකින් ඉරාදැමුවාක් මෙන් නැගුන ගැහැනියගේ උමතු විලාපයෙන් කොබ් පවා තිගැස්මට පත්විය.
අහසට නෙත් යොමුකළ ඔහු "කොහෙද?" යනුවෙන් හඬ නැගීය.
"මායාකාරිය විශාල වවුලෙක්ගෙ පිටේ නැගලා හඳ හරහට පියාඹලා ගියා." ඇගේ හුස්ම සිරවී මුහුණ භීතියෙන් විකෘති වී වෙස්මුහුණක් සේ දිස්විය. "දෙවියන් . . . අප . . . ගලවාගනිත්වා!" ඇගේ මුවින් ගිලිහින.
"මට ඇය පෙනෙනවා! අන්න!" ඔහුගේ ඇඟිල්ල හිස් අවකාශයට යොමුවිය. "අර ඉන්නේ! අර ඉන්නේ! ඇය සමග තවත් යක්ෂයින් ඉන්නවා!"
ෂෙල් ෂැනන් බුද්ධියෙන් අඩු වුවද ආවේගයෙන් පිරි හෙයින් පිස්තෝලය නිල් පැහැයෙන් දිලෙන තරු පිරි අහස දෙසට එල්ල කර වෙඩි කිහිපයක් තැබීය.
වෙඩි ශබ්දය ජන සමූහයා තුළ ඇතිව තිබූ භීතිය හා සන්ත්රාසය තවත් උත්සන්න කළ හෙයින් මිනිස්සු ඉක්මන් ගමනින් එතැනින් ඉවත්ව තම නිවෙස්වල ආරක්ෂාව පතා විසිර යන්නට වූහ.
මෙය නිරීක්ෂණය කළ කොබ් ඉවත්ව යන ජනයා අමතා කෑගැසීය. "දැන්, අපට සටන් කළහැකි සහෝදරවරු අවශ්‍ය නෑ කියන අය තවත් ඉන්නවද?"
"ඕනැ දෙයක්, මතායස් සහෝදරතුමනි." භීතියෙන් ගොතගැසෙන කටහඬකින් කතාකළ එක් මිනිසෙක් පැවසීය. "නරකාදියෙන් ආ යක්ෂයින්ගෙන් අපව ගලවාගන්න."
"එසේ නම් අසනු!" ඔහු තම අත තිබූ බයිබලය නාට්‍යමය ස්වරූපයක් දක්වමින් ඉහලට එසවීය. "මා සහ මගේ සෙසූ සහෝදරතුමන්ලා මේ බද්ද එකතුකිරීම හෙට ආරම්භ කරනවා. එය ප්‍රතික්ෂේප කරන සෑමදෙනෙකුටම නරකාදියෙහි දුක් විඳීමට සිදුවනු ඇත. මක් නිසාද යත් ඔවුන් මායාකාරියගේ හා ඇගේ සහචරයන්ගේ ප්‍රහාරයට ලක්වන හෙයිනි."
* * * *
William W. Johnstone ගේ Shawn O'Brien, Town Tamer කෘතියෙන් තෝරාගත් කොටස් කිහිපයක පරිවර්තනයයි ඉහත දැක්වෙන්නේ. මෙය පරිච්ඡේද කිහිපයක කොටස් කිහිපයක් තෝරාගෙන, ඒ පරිච්ඡේදවලින් කියන්නට හදන කතාව කෙටියෙන් කිවහැකි පරිදි කරන ලද සංස්කරණයක් ලෙස සැලකීම නිවැරදි ය.

අපූරු පරිවර්ථනයක්. පිංතූරෙත් හොඳයි. මෙහෙම සිංහලෙන් නිසාම කියවනවා, නැත්නම් බැලෙන්නෙ නෑ. ආයෙ පස්සෙ එන්නම්.
ReplyDeleteකියවපු අය මොකුත් නොලියා හිඳින්නේ
ReplyDeleteරහසක් තියෙනවද කියලයි හිතන්නේ
පරහක් තියෙන විදිහයි මට දැනෙන්නේ
අච්චාරුවේ රහ නං මට නැහැ දැනුනේ!
This comment has been removed by the author.
Deleteවිය හැකියි. තෝරාගත් කොටස් කිහිපයක්නේ තියෙන්නේ. අවධානය යොමුකළේ මිථ්‍යව මිනිසා පාලනය කිරීමට යොදාගන්නා ආකාරය ගැනයි. සාහිත්‍යමය පැත්ත ගැන නොවෙයි.
DeleteLitseeker, කලින් ඔයා කළ ඉතා රසවත් පරිවර්තන පෝස්ට්ස් එක්ක සංසන්දනය කරද්දී මට මේකේ රස දැනුනේ ගොඩක් අඩුවෙන්.
Deleteඇත්තම කිව්වේ අහිතකින් හෙම නෙවෙයි හොඳේ.
හොඳ තැනකට ආවේ නිදී, අපි හුඟදෙනෙක් හිතවතුන් අමනාප කරගන්න අකමැති නිසා විවේචනයෙන් වලකිනවා. ඒත් අඩුපාඩු පෙන්වාදීමත් දැනුන විදිය අවංකව කීමත් හරි වටිනවා. ටිකක් කල්පනා කරලා බැලුවොත් අපේ සාහිත්‍ය ක්ෂේත්රයේ නිවැරදි විචාර කලාවක් ගොඩනොනැගෙන්නත් මේක සෑහෙන දුරට හේතු වෙලා තියන වග පෙනේවි. මම උනත් අඩුපාඩුවක් ගැන කියන්න උනොත් පරිස්සමින් තමයි වචන තෝරාගන්නේ. කලින් කී විදියට තැනින් තැන කොටස් තෝරාගැනීම නිසා ගලානොයන ස්වරූපයක් තියනවා. ස්තුතියි අදහසට. ඒ අදහස් දැක්වීමට මම කැමතියි.
Deleteමමත් මගේ ගැන හා මගෙ නිර්මාණ ගැන කෙරෙන විවේචන පිළිබඳව සතුටු වෙන කෙනෙක්.
Deleteකවුරු හරි අපට බැන්නත් මං හිතන්නේ 'එයා බනින්නවත් මහන්සි වෙන්නේ මං ගැන ගණන් ගන්න හින්දනේ!' කියලයි.
Litseeker, මට මතක් වුණා කෙටි කතාවක්; පරිවර්තනයක්. (කෙටිකතාකරුවාගෙ නම මතක නෑ.) රචකයෙක් එයාගේ නිර්මාණය ගැන විවේචන ඉල්ලන. නමුත් ඒවා පැසසුම් වේ යැයි බලාපොරොත්තු වෙන.
// මම උනත් අඩුපාඩුවක් ගැන කියන්න උනොත් පරිස්සමින් තමයි වචන තෝරාගන්නේ//
Deleteඔව් එහෙම තමයි හොඳ. ඕන කෙනෙකුට තමන්ගේ අදහස/මතය කියන්න නිදහස තියෙන්නෙ ඕනෙ. ලියන අය ලියන නිසානෙ අපි කියවන්නෙ? නිර්දය ලෙස විවේචනය කලාම වෙන්නෙ, ලියන අයට එපා වෙන එකයි. සමස්තයක් ලෙස ඒකෙන් වෙන සෙතක් නෑ. ඒ නිසා ටිකක් සර බාල කරලා තම මතය කියන එක තමා හොඳ.
ලොකු අවුලක් නැහැ . අදහස පහදිලියු . ආගමික හොරු ජනයා මුලා කරන හැටි
ReplyDeleteඒ ගැන තමයි අවධානය යොමුකළේ.
Delete