Tuesday, December 26, 2023

නොදන්නා බව නොදන්නා විට...



 මේ බ්ලොග් අඩවියේ ආරම්භක පෝස්ට්එක (නැවත බලන්න) නිසා අපූරු අත්දැකීමකට මුහුණ දීමේ (අ)භාග්‍යය මෙය ලියන බ්ලොග්කරුවා වෙත හිමිවිය. සුපුරුදු පරිදි බ්ලොග් සටහන මාගේ Facebook එක මත ද ඇලවූයෙමි. මද වේලාවක් ගත වූ තැන ඉහත දැක්වෙන අවවාදාත්මක අනතුරු ඇඟවීම මා හට ලැබී තිබූ අතර අදාල බ්ලොග් සටහන ද ඉවත්කර තිබුණි.



එයට විරුද්ධව අභියාචනා කිරීමේ වරම ද හිමිකර දී තිබූ නිසා එයින් ද ප්‍රයෝජන ගෙන ඊට අමතරව ප්‍රතිචාර (Feed back) දැක්වීමේ පිටුවට ගොස් මාගේ අදහස් සවිස්තරාත්මකව දන්වා යැවීමි. එම අදහස් සිංහලට නැගුව හොත් මෙසේ දිස්වනු ඇත. 

"ඔබ මාගේ සටහන ඉවත්කිරීමේදී ඊට නිශ්චිත හේතු දක්වා නොතිබීම නිසා එය අනුමාන කරන්නට මට සිදුවේ. එය මවිසින් පරිවර්තනය කර ඉදිරිපත් කළ ලිපිය නිසා නම් ඔබ වාරණය කළයුත්තේ මා නොව ප්‍රකට අමෙරිකානු ලේඛක මාක් ට්වේන්ය. එය ඔහු විසින් ලියන ලද ලියවිල්ලක් බැවිනි. එහෙත් මා අනුමාන කරන පරිදි ඒ එම ලිපියත් සමග පළවූ කාටූනය නිසා නම් ඔබ වාරණය කළයුත්තේ ලෝ ප්‍රකට වෙබ් අඩවියක් වන cartoon movement ය. එම කාටූනයෙන් අදහස් වන්නේ ලෝකයේ ජලය බෙදීයාමේ අසමානතාව හා අසාධාරණය කෙරෙහි අවධානය යොමු කිරීමයි. දැන් ඔබට ගැනීමට ඇති එකම පියවර නම් ඔබ විසින් පෙන්නුම් කර ඇති නූගත්කම හා මුග්ධබව සඟවා ගැනීමයි. තව දුරටත් එය ප්‍රකට වීමට පෙර ඊට අවශ්‍ය පියවර ඔබ විසින් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි."

ඔවුන් එය වටහාගන්නට ඇතැයි සිතෙන්නේ පසුවදා වනවිට එම සටහන තිබූ අයුරින්ම ප්‍රතිෂ්ඨාපනය කර තිබූ බැවිනි. නමුත් කිසිම හේතු දැක්වීමක් හෝ කණගාටුව ප්‍රකාශ කිරීමක් සිදු නොවීය. මේ සිදුවීම නිසා මා සිත තුළ පැනනැගි ප්‍රශ්න කිහිපයක් මෙසේ සටහන් කිරීමට කැමැත්තෙමි. 

  • Facebook හි සදාචාර පොලිසියේ ප්‍රතිපත්ති මෙරට සදාචාර බලධාරීන්ගේ ප්‍රතිපත්ති හා සමපාත වීම සිතාමතා සිදුවන දෙයක් ද? අහම්බයක් ද?
  • අදාල රටේ නීතිය හසුරුවන බලධාරීන් කුලප්පු නොවන සේ තම ප්‍රතිපත්ති ඊට අනුකූල වන පරිදි නවාගැනීම හා ඊට සරිලන නියාමකයින් පත්කර ගැනීම Facebook ආයතනය තම ලාබය තකා සිතාමතා කරන්නක් ද? 
  • කොතරම් සද්භාවයෙන් ඇතිකරගන්නා නීති වුවත් ඒවා අර්ථ නිරූපනය කරන්නේ පසුගාමී ඔලුවලින් නම් එම නීතිවලින් පලක් වේද? 



 







12 comments:

  1. ඔය ප්‍රශ්නේ එකම එක පාරක් මටත් ආව. ඒකට හේතුව ෆේස්බුක් එකේ ලංකාවේ සෙක්ෂන් එක. මම හිතන්නේ ඒකෙ ඉන්නේ අපේ සිංහල කතා කරන අය. මගේ බ්ලොක් වුනෙත් සිංහල ලිපියක්. මම හිතන්නේ කොපි රයිට් එක ඉංග්‍රීසියෙන් තිබ්බේ නැති නිසා කියල. (මගේ ලිපියේ)

    ReplyDelete
    Replies
    1. ඕක තමා පුරස්නෙ.
      ලංකාවෙන් පත්කල එවුන් තමා ඔය තහන්චි වචන, සටහනක තියෙන්න ඕන නැති දේ ගැන නිර්නායක ටික සුද්දට රපෝත්තු කරන්නෙ. උන් ටික ඉතිං රජයෙ ඇම්බැට්ටයො තමා

      Delete
  2. විචාරාත්මකව බලන්න හැකියාවක් නැති තාක්ෂණය විතරක් දන්න අය ඉන්න නිසා කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  3. ඔබගේ බ්ලොග් අඩවිය සින්ඩියට ඇතුලත්කොට ඇත. ඒය බ්ලොග් සඟරා යටතේ පෙලගස්වා ඇත! දිගටම ලියන්න!

    ReplyDelete
  4. අලුත් නමක්..ඔන්න මමත් ආවා..අනිත් පෝස්ට් හිමිහිට කියවන්නම්...

    ReplyDelete
  5. මමත් ආවා ඔන්න වුර්තාත්ත කියවන්න. නමට ඉස්සහරින් එක දා ගන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ලකුණු කළා.

      Delete
  6. ඔබ Feedback හරහා විස්තර පැහැදිලි කිරීම/චැලේන්ජ් කිරීම ගැන පසසමි. බොහෝ විට සිද්ධ වෙන්නේ අපි ටොක්කත් කාලා කට්ට අතුලට යෑම නිසා අසාධාරණයට ලක්වීම. සිංහල බසින් කරන පලකිරීම් ආදිය වාරණයට ලක් වෙන්නේ මුහුණු පොතේ දේශිය ඒජන්ට් නිසා, බොහෝ විට බොට් එහෙක මොලේ නැති වැඩ වල ප්‍රතිපලයක් හැටියට. පන්හිඳට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට ස්තුතියි. ලියන්නා සූක්ෂම හා සදාචාරාත්මක වියයුතු සේම කියවන්නාට ද හොඳ දෙයින් නරක දෙය වෙන්කරගැනීමේ නිදහස හිමිවිය යුතු බවයි මගේ විශ්වාසය.

      Delete

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...