Thursday, September 26, 2024

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්   

දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්

                                              තුන



ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාගය එළඹී තිබිණ. මොහොතකට ඇයට පෙනුනේ ඒ ස්ටීව් ලෙස ය. ඒත් සමගම ඔහු ගස් අතරින් නොපෙනී ගියේය. කඩිනමින් නැගී සිටි ඈ ජනෙල් පියන වසා දමා තුවක්කුව අතට ගෙන ලාම්පුව නිවා දමා බලා සිටියාය. තවමත් අඳුර වැටී නොතිබුණ බැවින් ඇයට ගෙයින් පිටත පැහැදිළිව දැකගත හැකි විය. 

Thursday, September 19, 2024

කෝපි කෝප්පය

පළමුව කෝපි කෝප්පය එක කියවන්න.                                     

                                              දෙක



ඇය අසු පිටින් රෙඩ් ටෑන්ක් හී ගෙවත්තට ලඟාවන වෙද්දී වටු කුරුල්ලෙකු කෑගසන හඬ ඇයට ඇසින. ස්ටීව් තවම ආපසු  පැමිණ නැත. ඉක්මනින් අශ්වයාගේ සෑදලය ඉවත්කළ ඇය ස්ටීව් කරන ආකාරය මතක් වී අශ්වයා ඉහල සිට පහලට පිිරිමදිමින් පිසදැමුවාය.  

Friday, September 13, 2024

කෝපි කෝප්පය

         මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L'Amour ගේ One for the Pot නම් කෙටිකතාවේ පරිවර්තනයකි. Louis L'Amour යනු Westerns ලෙස හැඳින්වෙන කලක් පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වු නවකතා රචනා කිරීමෙන් ජනප්‍රිය වූ ලේඛකයෙකි. නවකතා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති ඔහුගේ නවකතා රැසක් සිනමා නිර්මාණවලට ද පාදක වී තිබේ. දීර්ඝබව සලකා කතාව කොටස් තුනකින් ඉදිරිපත් කරන අතර එහි පළමු කොටසයි මේ. 

පත්තරකාරයෙක්, පොලිස්කාර‍යෙක් හා හොරෙක්

  මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සි...