මා මිත්‍ර කුලරත්න සූරියආරච්චි සොයුරා කාලයක් පෙරුම් පුරමින් බලා සිට ප්‍රකාශකයෙකු කැමති කරගැනීමට අපහසු වීමෙන් පසුම තම වියදමින් ඔහු විසින් ලියන ලද පොතක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. Heard Melodies යනුවෙන් නම් කර ඇති මෙය කුඩා අවධියේ සිට වැඩිහිටි විය දක්වා වූ ජීවතයේ අත්විඳින ලද හපන්කම්, මෝඩකම් හා පුරසාරම්වලින් සමන්විත බව පෙනෙයි. කියවා හමාර කර නැති නිසා සමස්තය ගැන යමක් කිව නොහැකි වුවද මුල් පිටු කිහිපය කියවන විට අසු වූ සිත්ගත් තැනක් මෙසේ ඉදිරිපත් කිරීමට සිත්විය. ඔහු ඉංග්‍රීසි බසින් මවන උපහාසය හා හාස්‍යය එලෙසම පරිවර්තනයෙහි ඇතැයි නොසිතෙන නමුදු කතාංගයේ රස විඳ ගැනුමට ඉන් බාධාවක් නැතැයි ද සිතේ.
"නපුරු කළට සතහට පැමිණෙන වෙහෙස
එදුරු නොවෙයි කළකම් පළදෙවා මිස"
තාත්තා කවි ගායනාවක් පටන්ගෙන ඇත. තව ටිකකින් එහි විවරණය ද අසන්නට ලැබෙනු ඇත.
"පේනව නේද? මේ මහ පොලවෙ ඉන්න කිසිකෙනෙකුට කර්මයෙන් ගැළවීමක් නෑ. පාප ක්‍රියා කිරීමෙන් වළකින්න කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ."
"පාප ක්‍රියා කියන්නෙ මොනවද?"
"ඒ කියන්නේ හොරකම් කිරීම, සතුන් මැරීම, ගෑනු පස්සෙන් යාම, බොරුකීම, මත්පැන් පානය වගේ එව්වා."
"එතකොට, ගෑනු පස්සෙන් යාමත් පාපයක්ද?"
"ඔව්, එහෙම තමයි ආගමේ කියල තියෙන්නේ."
"මං දැනං හිටියෙ නෑනෙ ඒක. අදත් මම අම්මා නාන්න ගඟට යනකොට පස්සෙන් ගියා."
"හොහ්, හොහ් හොහ්!" තාත්තා සිටි පැත්තෙන් සිනාවක් පුපුරා යනු ඇසිණ.
එහෙම පස්සෙන් යාමක් ගැන නෙමෙයි ළමයා ඔය කියන්නේ. උඹට ඕක පස්සෙ තේරෙයි."
"හෝ එන්න, හෝ එන්න. ප්‍රීතිවන්න මා හා"
ගායනය ශෘංගාරාත්මක තානයකට මාරු වෙයි. තබ්ලා තාලය ඇල්ලීම ද වේගවත් වෙයි"
හා හා 😀. කාර්තු ප්රකාශනයක් නිශ අකොහෙන්ද ගන්න කියන්නේ දාන්න , අපේ බ්ලොග්කරුවෝ ගනිනෙ
ReplyDeleteඅතින් වියදම් කළත් Progress Publishers යටතේ තමයි ගහලා තියෙන්නේ. මං හිතන්නේ මේත විදර්ශන ප්‍රකාශන අනුබද්ධ ආයතනයක්. 94718504775 අංකයෙන් කුලරත්නට කතාකරන්න පුළුවන්.
Deleteමේ වර්ගයේ කතා වලට මමත් හරිම කැමතියි.
ReplyDeleteඒත් තම කතාව, වැඩි පාඨක පිරිසක් එක්ක බෙදා ගන්න නම්, ඩිජිටල් මාධ්‍ය තමයි වඩා ගැලපෙන්නෙ. දැන් වැඩි දෙනෙක් පොත් එකතු කරන්න කැමති නෑ.
රහයි වගෙ දැනෙනව යාළුවගෙ පොත
ReplyDeleteයොමු වේවා එයට පාඨක කැලගෙ නෙත