Saturday, May 16, 2026

නොනිමි ගමන

 

    එක් වරම තිගැස්සීමකට ලක් වූ සිරිමෙවන් කලබලයෙන් මෙන් අවදි වී අසුන මත හරිබරි ගැසී වාඩි විය. අන්දුන්කුන්දුන් ගතියෙන් වටපිට බැලූ ඔහුට තමන් සිටින්නේ වාහනයක් තුළ බව වටහා ගන්නට එතරම් කාලයක් ගත නොවීය. එය දුම්රිය මැදිරියක් බව තේරුම්ගැනීම ද එතරම් අසීරු දෙයක් නොවීය. ඔහු අවදි උනේ දුම්රියේ ඇතිවූ ගැස්සීමක් නිසා බව ද වටහා ගැනීම අසීරු නොවීය. වටපිට බැලූ ඔහුට මැදිරිය එතරම් ජනාකීර්ණ නැති බවද මගියන් දහදොලොස්දෙනෙකුට වඩා අසුන්වල දකින්නට නැති බව ද බොහෝ අසුන් හිස්ව පවතින බව ද අවබෝධ විය. සිතා ගැනීමට නොහැකි වූ එකම දෙය නම් මේ දුම්රියට ගොඩඋන විදියවත් යන්නේ කොහේද කියාවත් මතකයට නගාගන්නට කොතරම් උත්සාහ කරත් ඒ උත්සාහය අසාර්ථක වීමය. 

No comments:

Post a Comment

නොනිමි ගමන

       එක් වරම තිගැස්සීමකට ලක් වූ සිරිමෙවන් කලබලයෙන් මෙන් අවදි වී අසුන මත හරිබරි ගැසී වාඩි විය. අන්දුන්කුන්දුන් ගතියෙන් වටපිට බැලූ ඔහුට තමන්...