Thursday, January 11, 2024

පෙනෙන දේ හා නොදකින දේ

 ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho අප රටට ද අමුත්තෙක් නොවේ. ඒ නිසාම ඔහු ගැන හැඳින්වීම් ලිවීම අනවශ්‍යය. මේ ඔහුගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා තුනකි. පොත කියවන විට තෝරාගත යුත්තේ කුමන කතා දැයි තීරණය කිරීම දුෂ්කර වුවද අවසානයේ මේ කතා තුන තෝරා ගතිමි. 

Tuesday, December 26, 2023

නොදන්නා බව නොදන්නා විට...



 මේ බ්ලොග් අඩවියේ ආරම්භක පෝස්ට්එක (නැවත බලන්න) නිසා අපූරු අත්දැකීමකට මුහුණ දීමේ (අ)භාග්‍යය මෙය ලියන බ්ලොග්කරුවා වෙත හිමිවිය. සුපුරුදු පරිදි බ්ලොග් සටහන මාගේ Facebook එක මත ද ඇලවූයෙමි. මද වේලාවක් ගත වූ තැන ඉහත දැක්වෙන අවවාදාත්මක අනතුරු ඇඟවීම මා හට ලැබී තිබූ අතර අදාල බ්ලොග් සටහන ද ඉවත්කර තිබුණි.

Wednesday, December 20, 2023

ජනපතිවරණයට අපේක්ෂකයෙක්!

 

(cartoon movement වෙතින්)


මා දැනටමත් ස්ථිරවම හිත හදාගෙන ඉවරයි ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නට. රටට දැන් අවශ්‍ය වන්නේ ඔහුගේ අතීතයේ ඉතිහාසය කොයි තරම් හාරා ඇවිස්සුවත් ඔහුට හානියක් කරන්න බැරි විදියේ අපේක්ෂකයෙක්. එහෙම උනාම පක්ෂයේ සතුරන්ට ඔහුට විරුද්ධව ඊට කලින් කවුරුවත් අහලා නැති කිසිම දෙයක් අවුස්සලා පෙන්වන්න ඉඩක් ලැබෙන්නේ නෑ.

වැල් පෙනෙළ මල!

ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...