Thursday, September 19, 2024

කෝපි කෝප්පය

පළමුව කෝපි කෝප්පය එක කියවන්න.                                     

                                              දෙක



ඇය අසු පිටින් රෙඩ් ටෑන්ක් හී ගෙවත්තට ලඟාවන වෙද්දී වටු කුරුල්ලෙකු කෑගසන හඬ ඇයට ඇසින. ස්ටීව් තවම ආපසු  පැමිණ නැත. ඉක්මනින් අශ්වයාගේ සෑදලය ඉවත්කළ ඇය ස්ටීව් කරන ආකාරය මතක් වී අශ්වයා ඉහල සිට පහලට පිිරිමදිමින් පිසදැමුවාය.  

Friday, September 13, 2024

කෝපි කෝප්පය

         මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L'Amour ගේ One for the Pot නම් කෙටිකතාවේ පරිවර්තනයකි. Louis L'Amour යනු Westerns ලෙස හැඳින්වෙන කලක් පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වු නවකතා රචනා කිරීමෙන් ජනප්‍රිය වූ ලේඛකයෙකි. නවකතා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති ඔහුගේ නවකතා රැසක් සිනමා නිර්මාණවලට ද පාදක වී තිබේ. දීර්ඝබව සලකා කතාව කොටස් තුනකින් ඉදිරිපත් කරන අතර එහි පළමු කොටසයි මේ. 

Tuesday, August 20, 2024

අපට වෙච්ච දේ!



2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරක රැළියක දර්ශණයක්!

Sunday, July 7, 2024

ගෙදර

 

සෝමාලි සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු වන Warsan Shire ගේ Home නමින් යුත් කවි පංතියේ ඡායානුවාදයකි. 
 
                                  
 
            

Wednesday, July 3, 2024

සූරාකෑම කාටත් පොදුය.




අප රටෙහි පවත්නා වෙළඳ හා ව්‍යාපාර සදාචාරය කොතෙක් ද යත් සාමාන්‍ය මහජනතාව පුද්ගලික ව්‍යාපාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේදී  සැකයෙන් බැලීමට හුරු වී සිටින අතර රාජ්‍ය ආයතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළඹෙති. එහෙත් දැන් දැන් රාජ්‍ය ආයතන ද නිර්ලජ්ජිත ලෙස තම සේවා ලාභීන් සූරාගෙන කෑමට පසුබට නොවන බව පෙනෙන්නට තිබේ.

Monday, June 17, 2024

සින්ඩි නැති බ්ලොග් ලෝකය



 

කුමන භාෂාවකින් හෝ වේවා බ්ලොග් අඩවියක් අරඹා ලියන්නට පටන්ගන්නා සෑම අයෙකුම තම බ්ලොග් සටහන් වැඩි පාඨක පිරිසක් අතරට යනවාට කැමති ය. එමෙන්ම එසේ එන පාඨක සමූහයා තම අදහස් එහි සටහන් කරනවාට ද කැමති ය. එනිසාම සෑම බ්ලොග් රචකයෙකුම තම බ්ලොග් පාඨක පිරිස වැඩිවෙනවාට කැමැත්ත දක්වති.  

Thursday, May 30, 2024

පෙර දඬුවම හා පසු දඬුවම

 

(cartoon movement වෙතින්)

නීතියේ සෙවනැල්ල යට සාධාරණත්වයේ වර්ණ
 ගල්වා පවත්වාගෙන යනු ලබන කෘෘරත්වය තරම්
 කෘෘරත්වයක් තවත් නොපවතී. - මොන්ටෙස්ක්‍යු

 ලෝකයේ සෑම රටකම එම රට පාලනය කරන ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් වෙයි. එසේ අවශ්‍ය වන්නේ එම රටෙහි ජීවත්වන සියළුම පුරවැසියන්ට කිසිම වෙනසකින් තොරව සාධාරණව සැළකුම් ලැබීමේ අයිතිය තහවුරු කිරීමට යයි සරලව කිව හැකි ය. විශේෂයෙන් මිිනිසා බිහි වී ගෝත්‍ර ලෙස ජීවත් වූ කාලයේ පටන්ම ඔවුනොවුන් අතර ඇති වූ ගැටුම් සමනය කරගැනීමට හා නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහ. බොහෝ විට එය ගෝත්‍ර නායකයාගේ හෝ ගෝත්‍රය විසින් පත්කරගන්නා ලද මණ්ඩලයක තීරණය විය හැකිය. මෙසේ ඇරඹුන නීතියෙහි පාලනය අද වනවිට ඉතා දියුණු මට්ටමකට පත්වී ඇත. එසේ මිනිසාගේ පරිනාමයත් සමගම ඔහු පාලනය කෙරෙන නීති පද්ධතිය ද සංවර්ධනය නොවුනේ නම් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් නොමැති තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබිණ. එසේ වුවද එක් එක් රටෙහි නීතිය එම රටෙහි පාලකයින්ගේ හා ජනතාවගේ ආකල්පවලට හා බුද්ධි මට්ටමට සාපේක්ෂව ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙන්නුම් කරන බව ද නිරීක්ෂණය කළ හැකි ය. 

වැල් පෙනෙළ මල!

ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...