එක්තරා රටක රාජ භාණ්ඩාගාරයට කඩාවැදුන හොරෙක් ඔහුට ගෙනයාමට හැකි හැමදේම රැගෙන ඈත පලාතකට පලාගියා. වැඩි කලක් යන්නට පෙරම භාණ්ඩාගාරයේ හොරකමක් සිදුව ඇති බව හෙළිඋනා.
එක්තරා රටක රාජ භාණ්ඩාගාරයට කඩාවැදුන හොරෙක් ඔහුට ගෙනයාමට හැකි හැමදේම රැගෙන ඈත පලාතකට පලාගියා. වැඩි කලක් යන්නට පෙරම භාණ්ඩාගාරයේ හොරකමක් සිදුව ඇති බව හෙළිඋනා.
ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelhoගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි.
ගුවනින් ආ අසරුවා -එක මෙතැනින්
යුද්ධයකදී සතුරකු මරාදැමීම- තමාගේත් තම සටන් සඟයින්ගේත් ආරක්ෂාවට අතිශය තීරණාත්මක වූ රහසක් විශ්මිත ලෙස හෙලිකරගත් සතුරකු- ඒ හෙලිකරගත් දැනුම නිසාම ඔහුගේ මුළු හමුදාවේම සිටින සෙබල සංඛ්‍යාවටත් වඩා භයානක වූ සතුරකු මරා දැමීම දරුණු වූත් තිරශ්චීන වූත් ක්‍රියාවක් ද? කාටර් ඩ්රූස් මරණාසන්න වූවකු සේ සුදුමැලි විය.
අමෙරිකානු ලේඛකයෙකු වූ අම්බ්‍රෝස් බියර්ස්ගේ A Horseman in the Sky නම් වූ කෙටිකතාවේ පරිවර්තනයකි,මේ. මෙම කෙටිකතාවට පාදකවන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයයි.
තුන
ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාගය එළඹී තිබිණ. මොහොතකට ඇයට පෙනුනේ ඒ ස්ටීව් ලෙස ය. ඒත් සමගම ඔහු ගස් අතරින් නොපෙනී ගියේය. කඩිනමින් නැගී සිටි ඈ ජනෙල් පියන වසා දමා තුවක්කුව අතට ගෙන ලාම්පුව නිවා දමා බලා සිටියාය. තවමත් අඳුර වැටී නොතිබුණ බැවින් ඇයට ගෙයින් පිටත පැහැදිළිව දැකගත හැකි විය.
පළමුව කෝපි කෝප්පය එක කියවන්න.
දෙක
ඇය අසු පිටින් රෙඩ් ටෑන්ක් හී ගෙවත්තට ලඟාවන වෙද්දී වටු කුරුල්ලෙකු කෑගසන හඬ ඇයට ඇසින. ස්ටීව් තවම ආපසු පැමිණ නැත. ඉක්මනින් අශ්වයාගේ සෑදලය ඉවත්කළ ඇය ස්ටීව් කරන ආකාරය මතක් වී අශ්වයා ඉහල සිට පහලට පිිරිමදිමින් පිසදැමුවාය.
මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L'Amour ගේ One for the Pot නම් කෙටිකතාවේ පරිවර්තනයකි. Louis L'Amour යනු Westerns ලෙස හැඳින්වෙන කලක් පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වු නවකතා රචනා කිරීමෙන් ජනප්‍රිය වූ ලේඛකයෙකි. නවකතා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති ඔහුගේ නවකතා රැසක් සිනමා නිර්මාණවලට ද පාදක වී තිබේ. දීර්ඝබව සලකා කතාව කොටස් තුනකින් ඉදිරිපත් කරන අතර එහි පළමු කොටසයි මේ.
ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...