Friday, December 27, 2024

ගඩොල් කැටයක් කළ වෙනසක්!

 ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelhoගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි. 

Wednesday, November 13, 2024

ගුවනින් ආ අසරුවා - දෙක

ගුවනින් ආ අසරුවා -එක මෙතැනින් 



යුද්ධයකදී සතුරකු මරාදැමීම- තමාගේත් තම සටන් සඟයින්ගේත් ආරක්ෂාවට අතිශය තීරණාත්මක වූ රහසක් විශ්මිත ලෙස හෙලිකරගත් සතුරකු- ඒ හෙලිකරගත් දැනුම නිසාම ඔහුගේ මුළු හමුදාවේම සිටින සෙබල සංඛ්‍යාවටත් වඩා භයානක වූ  සතුරකු මරා දැමීම දරුණු වූත් තිරශ්චීන වූත් ක්‍රියාවක් ද? කාටර් ඩ්රූස් මරණාසන්න වූවකු සේ සුදුමැලි විය.

Saturday, October 26, 2024

ගුවනින් ආ අසරුවා - එක

 අමෙරිකානු ලේඛකයෙකු වූ අම්බ්‍රෝස් බියර්ස්ගේ A Horseman in the Sky නම් වූ කෙටිකතාවේ පරිවර්තනයකි,මේ. මෙම කෙටිකතාවට පාදකවන්නේ අමෙරිකානු සිවිල් යුද්ධයයි.

Thursday, September 26, 2024

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්   

දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්

                                              තුන



ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාගය එළඹී තිබිණ. මොහොතකට ඇයට පෙනුනේ ඒ ස්ටීව් ලෙස ය. ඒත් සමගම ඔහු ගස් අතරින් නොපෙනී ගියේය. කඩිනමින් නැගී සිටි ඈ ජනෙල් පියන වසා දමා තුවක්කුව අතට ගෙන ලාම්පුව නිවා දමා බලා සිටියාය. තවමත් අඳුර වැටී නොතිබුණ බැවින් ඇයට ගෙයින් පිටත පැහැදිළිව දැකගත හැකි විය. 

Thursday, September 19, 2024

කෝපි කෝප්පය

පළමුව කෝපි කෝප්පය එක කියවන්න.                                     

                                              දෙක



ඇය අසු පිටින් රෙඩ් ටෑන්ක් හී ගෙවත්තට ලඟාවන වෙද්දී වටු කුරුල්ලෙකු කෑගසන හඬ ඇයට ඇසින. ස්ටීව් තවම ආපසු  පැමිණ නැත. ඉක්මනින් අශ්වයාගේ සෑදලය ඉවත්කළ ඇය ස්ටීව් කරන ආකාරය මතක් වී අශ්වයා ඉහල සිට පහලට පිිරිමදිමින් පිසදැමුවාය.  

Friday, September 13, 2024

කෝපි කෝප්පය

         මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L'Amour ගේ One for the Pot නම් කෙටිකතාවේ පරිවර්තනයකි. Louis L'Amour යනු Westerns ලෙස හැඳින්වෙන කලක් පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වු නවකතා රචනා කිරීමෙන් ජනප්‍රිය වූ ලේඛකයෙකි. නවකතා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති ඔහුගේ නවකතා රැසක් සිනමා නිර්මාණවලට ද පාදක වී තිබේ. දීර්ඝබව සලකා කතාව කොටස් තුනකින් ඉදිරිපත් කරන අතර එහි පළමු කොටසයි මේ. 

Tuesday, August 20, 2024

අපට වෙච්ච දේ!



2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරක රැළියක දර්ශණයක්!

Sunday, July 7, 2024

ගෙදර

 

සෝමාලි සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු වන Warsan Shire ගේ Home නමින් යුත් කවි පංතියේ ඡායානුවාදයකි. 
 
                                  
 
            

Wednesday, July 3, 2024

සූරාකෑම කාටත් පොදුය.




අප රටෙහි පවත්නා වෙළඳ හා ව්‍යාපාර සදාචාරය කොතෙක් ද යත් සාමාන්‍ය මහජනතාව පුද්ගලික ව්‍යාපාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේදී  සැකයෙන් බැලීමට හුරු වී සිටින අතර රාජ්‍ය ආයතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමට පෙළඹෙති. එහෙත් දැන් දැන් රාජ්‍ය ආයතන ද නිර්ලජ්ජිත ලෙස තම සේවා ලාභීන් සූරාගෙන කෑමට පසුබට නොවන බව පෙනෙන්නට තිබේ.

Monday, June 17, 2024

සින්ඩි නැති බ්ලොග් ලෝකය



 

කුමන භාෂාවකින් හෝ වේවා බ්ලොග් අඩවියක් අරඹා ලියන්නට පටන්ගන්නා සෑම අයෙකුම තම බ්ලොග් සටහන් වැඩි පාඨක පිරිසක් අතරට යනවාට කැමති ය. එමෙන්ම එසේ එන පාඨක සමූහයා තම අදහස් එහි සටහන් කරනවාට ද කැමති ය. එනිසාම සෑම බ්ලොග් රචකයෙකුම තම බ්ලොග් පාඨක පිරිස වැඩිවෙනවාට කැමැත්ත දක්වති.  

Thursday, May 30, 2024

පෙර දඬුවම හා පසු දඬුවම

 

(cartoon movement වෙතින්)

නීතියේ සෙවනැල්ල යට සාධාරණත්වයේ වර්ණ
 ගල්වා පවත්වාගෙන යනු ලබන කෘෘරත්වය තරම්
 කෘෘරත්වයක් තවත් නොපවතී. - මොන්ටෙස්ක්‍යු

 ලෝකයේ සෑම රටකම එම රට පාලනය කරන ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් වෙයි. එසේ අවශ්‍ය වන්නේ එම රටෙහි ජීවත්වන සියළුම පුරවැසියන්ට කිසිම වෙනසකින් තොරව සාධාරණව සැළකුම් ලැබීමේ අයිතිය තහවුරු කිරීමට යයි සරලව කිව හැකි ය. විශේෂයෙන් මිිනිසා බිහි වී ගෝත්‍ර ලෙස ජීවත් වූ කාලයේ පටන්ම ඔවුනොවුන් අතර ඇති වූ ගැටුම් සමනය කරගැනීමට හා නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහ. බොහෝ විට එය ගෝත්‍ර නායකයාගේ හෝ ගෝත්‍රය විසින් පත්කරගන්නා ලද මණ්ඩලයක තීරණය විය හැකිය. මෙසේ ඇරඹුන නීතියෙහි පාලනය අද වනවිට ඉතා දියුණු මට්ටමකට පත්වී ඇත. එසේ මිනිසාගේ පරිනාමයත් සමගම ඔහු පාලනය කෙරෙන නීති පද්ධතිය ද සංවර්ධනය නොවුනේ නම් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් නොමැති තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබිණ. එසේ වුවද එක් එක් රටෙහි නීතිය එම රටෙහි පාලකයින්ගේ හා ජනතාවගේ ආකල්පවලට හා බුද්ධි මට්ටමට සාපේක්ෂව ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙන්නුම් කරන බව ද නිරීක්ෂණය කළ හැකි ය. 

Saturday, May 18, 2024

රතු පාටින් අකුරු ලියූ හැටි!



 පසුගිය දිනෙක සුවිශේෂ වූ පොතක් කියන්නට ලැබිණ. ඒ පොත ගැන වචනයක් නොලිව්වොත් අඩුවක් යයි සිතේ. ඒ ගැන ලියන්නට ද හොඳම දවස අද වෙතැයි සිතමි.

Saturday, May 11, 2024

අඳුරට ආලෝකයක් ගෙනා ඔහු. . .







 Ken Tsaro - Wiwa නයිජීරියානු ලේඛකයෙකි. ඔහු අයත් වූයේ එහි වූ ඔගොනි(Ogoni) නමින් හැඳින්වෙන සුළුතර ජන කොට්ඨාශයකට ය. ඔගොනි ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශය බොරතෙල් කැනීම සඳහා බහුජාතික සමාගම්වලට පැවරීම නිසා දැඩි ලෙස පාරිසරික ගැටළු මතුවී එම ප්‍රදේශයේ ජීවත් වූ ජනයාට තවදුරටත් තම වාසස්ථානවල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා විය. මෙයට පිළිතුරක් ලෙස පැනනැගි පරිසරය සුරැකීමේ ව්‍යාපාරයට ද ඔගොනි ජනයා රැක ගැනීමේ ව්‍යාපාරයට ද නායකත්වය සැපයූ Ken Tsaro - Wiwa එවකට පැවති හමුදා පාලනයට එරෙහිව කෙරුණු අවිහිංසාවාදී උද්ඝෝෂණවලට සිය සක්‍රිය දායකත්වය සැපයීය. 

Tuesday, April 23, 2024

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය හැරයාම එයට එක් විසඳුමක් ලෙස දැනෙනවා ද? බොහෝ දෙනෙකුට එවැනි සිතුවිළි පහල නොවන බව සැබෑ ය. එහෙත් අප  සමාජයේ එවන් නිෂේධාත්මක සිතුවිළිවල ගොදුරු බවට පත්වන සෑහෙන පිරිසක් සිටින බව නොරහසකි. එසේ සිතූ එක් තරුණයෙකුගේ ඉරණම ගැන කියන්නටයි මේ සූදානම. 

Wednesday, April 17, 2024

ක්‍රිකට් කැඩපතෙහි පිළිඹිබු වන ශ්‍රී ලාංකීය හෘද සාක්ෂිය

 

  
 (cartoon movement වෙතින්)


පසුගිය සති කිහිපය තුල අප කාගේත් අවධානය යොමුවිය යුතුව තිබූ සිදුවීම් මාලාවක් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ හටගැනෙනු දැකගත හැකි විය. එහෙත් සුපුරුදු පරිදිම ඒ කෙරෙහි සිය ඇස යොමු කළේ ක්‍රිකට් ලෝලීන් පමණි. ඇෆ්ඝනිස්තානයට හා බංග්ලා දේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ සැමරීම හා උද්දාමයට පත්වීම ක්‍රිකට් ලෝලීන්ට ඉඩ තබා ඒ තරඟ මාලා අතර සිදු වූ විවාදාපන්න කරුණකට සිත යොමු කිරීම මේ ලිපියේ අරමුණයි. ඒ සඳහා අප පහත දැක්වෙන සිදුවීම් වෙත අවධානය යොමුකළ යුතු වෙයි.

Saturday, March 16, 2024

එහෙම කිව්වට උනේ මෙහෙමයි!

    මවිසින් පරිවර්තනය කරන ලද කවි පංති දෙකක් මෙහි ඉදිරිපත් කරමි. පළමු එක ලැංග්ස්ටන් හියුස්ගේ Life is Fine ය. මගේ නිත්‍ය සහෘදයන්ට මේ ලේඛකයා අමුත්තෙකු නොවේ. ඒ මා මීට පෙර ඔහුගේ නිර්මාණ ඉදිරිපත්කර ඇති බැවිනි. එනිසා ලේඛකයා පිළිබඳ හැඳින්වීමක් මෙතැන ඇතුළත් නොකරමි. අවශ්‍ය අයට එය මෙතැනින් බලාගත හැකිය.

Saturday, March 2, 2024

ගිය පණවත් ඇදල ගන්න....

     

(cartoon movement වෙතින්)


    ලිට්සීකර් ගුරු වෘත්තියේ නියැලුන මුල් අවදියේ සේවය කළ එක්තරා පාසැලක ගුරු මණ්ඩලය මාස ගණනාවක් යනතුරු සිතා සිටියේ මා කතෝලික භක්තිකයෙකු ලෙසය. එයට හේතු දෙකක් විය. එකක් නම් ඒ දිනවල ලිට්සීකර් පදිංචිව සිටියේ මීගමුවේ නිසාය. අනෙක් කරුණ නම් කිසි දිනක ලිට්සීකර් පන්සිල් නොගැනීම ය.

Saturday, February 24, 2024

මැජික් පෙට්ටියේ පුදුම බලේ!

 


නව වසරක් උදා වී මාස දෙකකුත් හමාර වන්නට ඔන්න මෙන්න ය. වඩාත් දුෂ්කර වෙතැයි අපේක්ෂිත කාලයක් අභිමුව ඇල්මැරුන සුබපැතුම් ගලා යද්දී උණුසුමක් දැනෙන එකම මාතෘකාව නම් මැතිවරණයයි. මේ වසර මැතිවරණ වර්ෂයක් ලෙස අර්ථකතනය කර ඇති නිසයි ඒ. ඒත් සමගම කුණු සෝදන්නන්, රෙදි සෝදන්නන්, මෙන්ම පුනරුත්පත්තිය ලබන්නන් හා පිනුම් ගසන්නන් ද අඩු නැතිව රඟදෙනු පෙනේ. එහෙත් මේ සූදානම කාගේවත් කිසිම දෙයක් සේදීම නොව මෙවන් වකවානුවක නැරඹිය යුතු යයි සිතෙන සිනමා පටයක් ගැන කතා කිරීමටයි.

Thursday, January 11, 2024

පෙනෙන දේ හා නොදකින දේ

 ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho අප රටට ද අමුත්තෙක් නොවේ. ඒ නිසාම ඔහු ගැන හැඳින්වීම් ලිවීම අනවශ්‍යය. මේ ඔහුගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා තුනකි. පොත කියවන විට තෝරාගත යුත්තේ කුමන කතා දැයි තීරණය කිරීම දුෂ්කර වුවද අවසානයේ මේ කතා තුන තෝරා ගතිමි. 

පත්තරකාරයෙක්, පොලිස්කාර‍යෙක් හා හොරෙක්

  මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සි...